ජනතාව හූ කියයි කියා මහින්දානන්ද සල්ගාදු රැළියට එන එක නවත්වලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
14

ජනතාව හූ කියයි කියා මහින්දානන්ද සල්ගාදු රැළියට එන එක නවත්වලා

ජනතාව හූ කියයි කියා මහින්දානන්ද සල්ගාදු රැළියට එන එක නවත්වලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරයේ පැවති ජන රැලියට සහභාගී නොවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතාට දැනුම් දී තිබූ බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.


ඊට හේතුවී තිබෙන්නේ පොහොර ප්‍රශ්ණය මත කෘෂිකර්ම අමාත්‍යවරයා ගොවි ජනතාවගේ දැඩි විරෝධයට මේ දිනවල ලක්ව සිටීමයි.


ජනාධිපතිවරයාද සිටින වේදිකාවක කෘෂිකර්ම අමාත්‍යවරයාට යම් විරෝධයක් පෑමට ජනතාව කටයුතු කළ හොත් එය එතරම් සුදුසු නොවන බැවින් මෙම පියවර ගෙන තිබූ බව සඳහන්වේ.

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කතිකයෙක් වන මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා මෙම තීරණය අනුව සල්ගාදු පිටියේ රැස්වීමට සහභාගී වූයේ නැත.

views

721 Views

Comments

arrow-up