"LTTE එකයි JVP එකයි දෙකම එකයි" - අමාත්‍ය නාමල් රාජපක්ෂ
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
13

"LTTE එකයි JVP එකයි දෙකම එකයි" - අමාත්‍ය නාමල් රාජපක්ෂ

"LTTE එකයි JVP එකයි දෙකම එකයි" - අමාත්‍ය නාමල් රාජපක්ෂ

එල්ටීටීඊ සංවිධානය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර කිසිදු වෙනසක් නොමැති අතර ඒ දෙපාර්ශවයම කළේ, "මරාගත්තු එක" බව ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

 

අමත්‍යවරයා මේ බව සඳහන් කළේ, ඊයේ (12) බෙලිඅත්ත ප්‍රදේශයේදී පැවති පොදුජන පෙරමුණේ කාන්තා බල මණ්ඩල රැස්වීම අමතමිනි.

 

මේ පිළිබඳ වැඩිදුරට ත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසීය...

 

"මම දැක්කා විපක්ෂනාකතුමා කියනවා පොහොට්ටුවේ අයට උදව් කරන්න වැඩ ලක්ෂයක් කරනවා කියලා. මාර මනුස්සයෙක්. ඒ අයගේ දේශපාලනය කඩාකප්පල් කරන එක. ජනතා විමුක්ති පෙරමුණෙහි ඉතිහාසය බෙලිඅත්තේ අයට මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒ අය වී ගබඩා ගිනි තියපු අය. ඉස්පිරිතාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගිනි තියපු අය. ජවිපෙ එක තමයි ලංකාවේ දේශපාලන ඉතිහාසයේ වැඩියෙන් ම ගිනි තියලා තියෙන්නේ. දැන් විදුලිය නැහැ කියනවා. ඒ කාලේ ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බා. එල්ටීටීඊ එකයි ජවිපෙ එකයි අතර ලොකු වෙනසක් නැහැ. මේක තමයි ඇත්ත කතාව. ඒ දෙගොල්ලොම කළේ මරාගත්තු එක.

 

හැබැයි අපි ඒ අයට කියන්නේ දැන් පරණ දේවල් අතෑරලා දාන්න. මේ රට හදන්න. රාජ්‍ය සේවකයෝ විදියට අපිට වගකීමක් තිබෙනවා. අයිතිය ගැන විතරක් කතා කරලා වැඩක් නැහැ. සැම විට ම අපි විශ්වාස කරන දේ තමයි කාන්තාවෝ යන පැත්තට තමයි ආණ්ඩුව යන්නේ. රැස්වීමක සාමාන්‍යයෙන් කාන්තාවෝ වැඩි නම් අපි හිත් හදන් ගෙදර යනවා. රැස්වීමක පිරිමි වැඩි නම් පොඩ්ඩක් අප්සට් එකේ තමයි යන්නේ. සැම විට ම කාන්තාව ආරක්ෂා කරන්න අපි පක්ෂයක් විදියට කටයුතු කරනවා. එතකොට මේ සමාජය ආරක්ෂා කරන්න පුළුවන්. සමාජය ගෙඩනගන්න පුළුවන්''

views

837 Views

Comments

arrow-up