ප්‍රවීණ රංගන ශිල්පී, තිස්ස බණ්ඩාරනායක ජීවන රඟ මඬලින් බැස යයි

ප්‍රවීණ රංගන ශිල්පියකු වන තිස්ස බණ්ඩාරනායක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කලක් රෝගාතුරව සිටි බණ්ඩාරනායක මහතා මියයන විට 65 හැවිරිදි වියෙහි පසුවුණා.
භවදුක, වෑකන්ද වලව්ව, නිල් දිය යහන, ඉගිලෙන මාළුවෝ, දැවෙන විහඟුන් ඇතුළු චිත්‍රපට මෙන්ම, ඒකාධිපති, මකර රාක්‍ෂයා, ධවල භීෂණ ආදී වේදිකා නාට්‍ය ඇතුළු නිර්මාණ 300 කට පමණ තිස්ස බණ්ඩාරනායක මහතා රංගනයෙන් දායක වී තිබෙනවා.
ඔහු නිර්මාණ රැසක නිරූපණය කර ඇත්තේ භික්‍ෂූන් වහන්සේගේ චරිතය වීම විශේෂත්වයක්.
තිස්ස බණ්ඩාරනායක මහතා දියණියන් දෙදෙනකුගේ පියෙකු ද වනවා.
තිස්ස බණ්ඩාරනායක මහතාගේ දේහය මාකොල දකුණ, ජය මාවත, අංක 16/1 දරණ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු කැලණිය, සේපාල කනත්තේදී හෙට (21) පස්වරු 6.00ට සිදු කෙරෙනවා.
1061 Views
Comments