පූජා භූමි සංවර්ධනය සඳහා ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක්

ඉදිරි වසර 05ක කාලය සඳහා ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක මුදලක් ශ‍්‍රී ලංකාවේ පූජා භූමි සංවර්ධනයට ලැබීමට නියමිතව තිබේ.
එම මුදලින් කොටසකින් පොළොන්නරු සොළොස්මස්ථානයේ සංවර්ධන කටයුතු කඩිනම්ව සිදුකිරීමට රජය තීරණය කර ඇත.
අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මැදුරේදී පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.
එමෙන්ම සොළොස්මස්ථාන පූජා භූමිය ආලෝකමත් කිරීම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගැනීමටත් ඒ සඳහා විදුලි බිල මධ්‍යම සංස්කෘතික අරමුදලින් ගෙවිමටත් මෙහිදී ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා එකඟත්වය පලකර ඇත.
730 Views
Comments