ලොව පෙරළිකාර එන්නත් නිෂ්පාදන සමාගම් වන ෆයිසර් සහ මොඩර්නා අතර අර්බුදයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
27

ලොව පෙරළිකාර එන්නත් නිෂ්පාදන සමාගම් වන ෆයිසර් සහ මොඩර්නා අතර අර්බුදයක්

ලොව පෙරළිකාර එන්නත් නිෂ්පාදන සමාගම් වන ෆයිසර් සහ මොඩර්නා අතර අර්බුදයක්

ලෝකයේ පෙරළිකාර එන්නත් නිෂ්පාදන සමාගම් දෙකක් වන ෆයිසර් සමාගම සහ මොඩර්නා සමාගම අතර අර්බුදයක් හටගෙන තිබේ.

 

මොඩර්නා සමාගම, කොවිඩ් එන්නත් නිර්මාණය කිරීමේදී හටගත් මතභේදයක් හේතුවෙන් ෆයිසර් සමාගමට එරෙහිව නඩු පැවරීමට ක්‍රියාකර ඇති බව වාර්තා විය.

 

එහිදී මොඩර්නා සමාගම චෝදනා කර ඇත්තේ ෆයිසර් සමාගම කොවිඩ් එන්නත නිර්මාණය කිරීමේදී පේටන්ට් බලපත්‍ර උල්ලංඝනය කර ඇති බවය.

 

ෆයිසර් එන්නත නිර්මාණය ට මූලික වූ ජර්මනියේ බියෝ එන් ටෙක් සමාගමට එරෙහිවද නීතිමය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

 

සිය පැමිණිල්ලෙන් මොඩර්නා සමාගම වැඩිදුරටත් චෝදනා කර ඇත්තේ කොවිඩ් වසංගතයට පෙර ඔවුන් වැඩිදියුණු කළ mRNA තාක්ෂණය ෆයිසර් සමාගම කොපිකර ඇති බවය

views

234 Views

Comments

arrow-up