පොලිස් නිල නිවසට පැන රන් භාණ්ඩ සොරාගත් කුඩ්ඩන් දෙදෙනා අල්ලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
22

පොලිස් නිල නිවසට පැන රන් භාණ්ඩ සොරාගත් කුඩ්ඩන් දෙදෙනා අල්ලයි

පොලිස් නිල නිවසට පැන රන් භාණ්ඩ සොරාගත් කුඩ්ඩන් දෙදෙනා අල්ලයි

නාරාහේන්පිට පොලිස් නිල නිවසක් බිඳ රන්, රිදී ඇතුළු භාණ්ඩ රැසක් සොරකම් කළ කුඩ්ඩන් දෙදෙනෙකු සහ එම රන් භාණ්ඩ සන්තකයේ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශය පවසයි.

 

සැකකරුවන්ගෙන් සිදුකල ප්‍රශ්න කිරීම් වලින් පසුව සොරාගත් භාණ්ඩවලින් රන්, රිදී මුදු, දුරකථන 3 ක්, අත් ඔරලෝසු 5ක් සහ තවත් භාණ්ඩ රැසක් සැකකරුවන් විසින් පුද්ගලයෙකුට උකස් කර තිබියදී සොයාගත් බවත් එම භාණ්ඩවල වටිනාකම තවම තක්සේරු කර නොමැති බවත් පොලිසිය කියයි.

 

අධික ලෙස මත්කුඩු පානයට ඇබ්බැහිවූවන් වන සැකකරුවන් 30 සිට 40 වයස්වල පසුවන්නන් බවත් නාරාහේන්පිට මැල්වත්ත හා අභයාරාම වත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් පොලිසිය පවසයි.

views

920 Views

Comments

arrow-up