අභිරහසක් ඉතිරි කරමින් ඇළ මාර්ගයේ වැටී මියගිය සිසුවා

කුඩා ඇළ මාර්ගයකට වැටී අභිරහස් ලෙස මියගියේ යැයි කියන පාසල් සිසුවෙකුගේ මරණය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ විමර්ශනයක් අරඹා තිබේ.
මෙලෙස මියගොස් තිබෙන්නේ නාවලපිටිය, කිරිමැටියාව ප්‍රදේශයේ පදිංචි හරංගල ජාතික පාසලේ 10 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි අශේන් මින්සර නමැති 15 හැවිරිදි සිසුවෙකි.
මියගිය සිසුවා නිවසට පානීය ජලය ලබා ගන්නා ජල නළ අළුත්වැඩියා කිරීම සඳහා ඊයේ(09) දින උදැසන 7ට පමණ නිවසට ඈතින් තිබෙන ඇළ මාර්යකට තනිව ගොස් තිබේ.
පසුව එම සිසුවා නොපැමිණි හේතුවෙන් එම සිසුවාගේ මව සහ සහෝදරයෙකු ඒ පිළිබඳව සොයා බැලීමට ගිය අවස්ථාවේ සිසුවා ඇළ මාර්ගයේ වැටී මියගොස් සිටි බවට මිය ගිය සිසුවාගේ මව නාවලපිටිය පොලිසියට දැනුම්දී ඇත.
ඇළ මාර්ගයේ සිසුවා වැටී සිටින අයුරු දුටු සිසුවාගේ මව ප්‍රදේශවාසීන්ගේද සහයෝගය ඇතිව නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඔහු රැගෙන යන විටත් ඔහු මියගොස් සිට ඇතැයි පොලිසිය පැවසීය.
මියගිය සිසුවාගේ පියා පෙදරේරුවෙකු බවත් ඔහු කුරුණෑගල ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටී.
නිවසට පානීය ජලය නොමැති නිසා ඒ පිළිබඳව සොයා බැලීමට වෙනත් දිනවලද මෙම සිසුවා එම ස්ථානයට යන බව ඔහුගේ මව පැවසුවාය.
කොත්මලේ ජලාශයට ජලය ගලා බසිනා කුඩා ඇළ මාර්ගයක් හරස් කරමින් මිය ගිය සිසුවාගේ නිවසට ජල නළ උපයෝගි කරගෙන පානීය ජලය ලබාගෙන ඇත.
249 Views
Comments