මාස හතට සුරා බදු වැටලීම්වලින් කෝටි 25ක මත්ද්‍රව්‍ය දැලේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
03

මාස හතට සුරා බදු වැටලීම්වලින් කෝටි 25ක මත්ද්‍රව්‍ය දැලේ

මාස හතට සුරා බදු වැටලීම්වලින් කෝටි 25ක මත්ද්‍රව්‍ය දැලේ

 

මේ වසරේ ජනවාරි 1 දා සිට ජූලි 31 දා දක්වා මාස 7ක කාලයක් තුළ සුරාබදු දෙපාර්තමේන්තුව කරන ලද වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන ඇති නීති විරෝධි මත්පැන්, දුම්කොළ, අබිං හා අනෙකුත් අන්තරායකර ඖෂධ, රා, විදෙස් මත්පැන්වල වටිනාකම රුපියල් කෝටි 25 ඉක්මවා තිබේ.

 

 

ඒවා සමඟ සැකකරුවන් 15,290 දෙනකු අත්අඩංගුව ගෙන ඇති අතර, ඉන් 2,874 දෙනකු කාන්තාවන් බව එම දෙපාර්තමේන්තුවේ නිලධාරීයකු පැවසීය.

 

 

සුරාබදු වැටලීම් 14,562ක්, වස විස අබිං හා අන්තරායකර ඖෂධ වැටලීම් 2,801ක්, දුම්කොළ බදු පනතේ 801ක්, මේ අනුව කර තිබෙන අතර, නීති විරෝධි මත්පැන් නිෂ්පාදන 457ක්, නීති විරෝධි මත්පැන් විකිණීම සහ සන්තකයේ තබා ගැනීම් 200ක්, ප්‍රවාහනය කිරීම් විකිණීම් 9,113ක්, රජයේ අරක්කු සන්තකයේ තබා ගැනීම් විකිණීම් 1,046ක්, සන්තකයේ රා තබා ගැනීම් 2,298ක්, විදේශ මත්පැන් සන්තකයේ තබා ගැනීම් 1,173ක්, සුරා අපරාධ පිළිබඳ තොරතුරු දීමට නොහැකි වීම් 265ක් ලෙස මුළු වැටලීම් 14,562ක් කර ඇත.

views

187 Views

Comments

arrow-up