දුම්රියේ ගැටී මියගිය පීඑච්අයිගේ මරණය අභිරහසක් - ජංගම දුරකථනය සහ දිනපොත අතුරුදන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
03

දුම්රියේ ගැටී මියගිය පීඑච්අයිගේ මරණය අභිරහසක් - ජංගම දුරකථනය සහ දිනපොත අතුරුදන්

දුම්රියේ ගැටී මියගිය පීඑච්අයිගේ මරණය අභිරහසක් - ජංගම දුරකථනය සහ දිනපොත අතුරුදන්

රාජකාරියේ නිරතව සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු පසුගිය 01 වනදා දහවල් දුම්රියේ ගැටී මිය යෑමේ සිද්ධියක් පිළිබඳව ගම්පොල ඇත්ගාල පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ.

 

මෙලෙස මියගොස් ඇත්තේ තුෂාර අමරසේකර නමැති 42 හැවිරිදි අයෙකි. මොහු නාවලපිටිය, කැටඹුලා ජනපදයේ පදිංචිකරුවෙකු බව පොලිසිය පවසයි.

 

ගම්පොළ උලපනේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසයේ රාජකාරි කරන මොහු එම වසමේ තැඹිලිගල දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයක දී දුම්රිය ගැටී ඇතැයි සැක කරන බව පොලිසිය පවසයි.


බදුල්ලේ සිට කොළඹ දක්වා ගමන් කරන දුම්රියෙන් මොහුගේ සිරුර රැගෙන විත් ගම්පොල දුම්රිය ස්ථානයට භාර දීමෙන් අනතුරුව ඒ පිළිබඳව මෙසේ පොලිස් පරීක්ෂණ ආරම්භ කරන ලදී. 

 

ගම්පොල රෝහල් හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක මහතා ඉදිරියේදී ඔහුගේ ඥාතීන් විසින් සිරුර හඳුනා ගනු ලැබීය. 


රාජකාරි වසම සඳහා යතුරුපැදියෙන් ගොස් ඇති මොහු එය දුම්රිය මාර්ගය අයිනේ නවතා කිලෝමීටරයකට ආසන්න දුරක් දුම්රිය මාර්ගයේ ඉදිරියට පා ගමනින් ගොස් ඇති බව එම ස්ථානයට ගිය හදිසි මරණ පරීක්ෂකවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

 

මොහු සතුව තිබූ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනය හා රාජකාරි ගමන් බෑගය හමුනොවූ අතර රාජකාරි දින පොතද සොයා ඔහුගේ කාර්යාලයද පරීක්ෂාවට ලක් කළේය.

 

ගම්පොළ ඇත්ගාල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

274 Views

Comments

arrow-up