ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහලට - පෙට්‍රල් 110කින් අඩුකළ හැකියි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
16

ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහලට - පෙට්‍රල් 110කින් අඩුකළ හැකියි

ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහලට - පෙට්‍රල් 110කින් අඩුකළ හැකියි

ලෝක වෙළෙඳ පොළේ පවතින ඉන්ධන මිලට සාපේක්‍ෂව මෙරට ඉන්ධන මිල අඩුවිය යුතු බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

 

එහි කැඳවුම්කරු ආනන්ද පාලිත ඊයේ(15) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.

 

මේ වනවිට ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ගණන් ශීඝ්‍රයෙන් පහත බසිමින් පවතින බැවින් රජය ඉදිරිපත් කර ඇති මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සැලකිය යුතු මට්ටමකින් අඩු විය යුතු බවත් හෙතෙම සඳහන් කෙළ්ය.

 

ලෝක වෙළෙඳ පොළේ මීට දින දාසයකට පෙර තෙල් බැරලයක මිල ඩොලර් එකසිය හතළිස් පහකට පැවැතියත් අද වනවිට එහි මිල ඩොලර් එකසිය හතර දක්වා අඩුවී ඇතැයි ද කී ඔහු එහි වාසිය මෙරට ජනතාවට ලබාදිය යුතුව ඇතැයි ද කියා සිටියේය.

 

ඒ අනුව සියලු‍ බදු අයකර ගැනීමෙන් අනතුරුව ඔක්ටේන් 92ක පෙට්‍රල් මිල පවතින මිලට වඩා රුපියල් 110කින් අඩු කළ හැකි බවත්, 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 120කින් හෝ ඊටත් අඩු ලෙස ලබාදිය හැකි බවත් හෙතෙම පැවසීය.

 

සුපර් ඩීසල් ද ලීටරයක් රුපියල් 120කින් අඩු කළ හැකි බවද පැවසූ හෙතෙම මේ සෑම ඉන්ධන වර්ගයකින්ම රජය ලබන බදු මුදල් අඩුකර ගැනීමෙන් පසුව තවදුරටත් මිල අඩු කිරීමට හැකියාව පවතින බවද කීවේය.

views

441 Views

Comments

arrow-up