තිදරු මවගේ වසර 15ක අනියම් පෙම මන්නා පහරින් අවසන් වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
04

තිදරු මවගේ වසර 15ක අනියම් පෙම මන්නා පහරින් අවසන් වෙයි

තිදරු මවගේ වසර 15ක අනියම් පෙම මන්නා පහරින් අවසන් වෙයි

අක්මිමණ, නියාගම ජනපදයේ පදිංචි තිදරු මවක් ගෙල කපා ඝාතනය කොට ඇති බව අක්මීමන පොලිසිය පවසයි.

 

මෙම කාන්තාව වසර ගණනාවක් සිට ඇසුරු කළ පුද්ගලයෙකු විසින් මෙම ඝාතනය සිදුකොට ඇති බව අනාවරණය වි ඇති බව පොලිසිය කියයි. 

 

මෙලෙස ඝාතනය ලක්ව තිබෙන්නේ අක්මීමන නියාගම ජනපදයේ පදිංචි 58 හැවිරිදි වැන්දඹු කාන්තාවකි.

 

ඇයගේ සැමියා මිය යාමෙන් අනතුරුව වසර 15ක පමණ කාලයක සිට මෙම කාන්තාව සමඟ සැකකරු අනියම් සම්බන්දතාවයක් පවත්වාගෙන ගොස් ඇතැයි තොරතුරු අනාවරණය වී තිබෙන බව පොලිසිය පවසයි.

 

සැකකරුගේ පාවහන් යුගළය සහ විදුලි පන්දමද ඝාතනය සිදුවූ ස්ථානයේ තිබි පොලිසිය විසින් සොයාගෙන ඇත. 

 

සැකකරු අත්අඩංගුවට ගැනිමට පොලිසිය පරික්ෂණ ආරම්භකොට ඇත.

 

මියගිය කාන්තාවගේ මුලික මහේස්ත්‍රාත් පරික්ෂණය අද (04) පැවැත්විමට නියමිතව තිබුණි. 

views

890 Views

Comments

arrow-up