සපුගස්කන්ද පිරිහදුව විවෘත කිරීම මැයි දක්වා කල් යයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබන මැයි මාසයේදී පමණ යළි විවෘත කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍යංශය පවසනවා.
ඊට හේතුව වන්නේ එම පිරිපහදුව යළි විවෘත කිරීම සඳහා අවශ්‍ය මර්බන් කෲඩ් නමැති බොරතෙල් වර්ගය රැගත් නෞකාවක් මෙරටට ලගාවීම මැයි මාසයේදී පමණ සිදුවනු ඇති බැවින්.
අනෙකුත් බොරතෙල් වර්ග සහ පිරිපහදු කළ ඉන්ධන ආනයනය සඳහා ඇනවුම් ලබා දිය යුතු වන්නේ සති 03 ත් 04 ත් අතර කාලයකට පෙරයි.
ඒ අනුව වෙනත් බොරතෙල් වර්ගයක් යොදා ගනිමින් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කිරීමේ හැකියාව පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බවයි බලශක්ති අමාත්‍යංශය පැවසුවේ.
642 Views
Comments