පෞද්ගලික බවුසර් හිමිකරුවන් වර්ජනයේ. ඉන්ධන ප්‍රවාහනය ඇණ හිටියි

ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඛනිජ තෙල් ප්‍රවාහන කටයුතුවලින් ඉවත් වන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය නිවේදනය කරනවා.
මීට හේතුවී ඇත්තේ ඉන්ධන ප්‍රවාහනයට අදාළව ඔවුන් ඉල්ලා සිටි ගාස්තු වැඩවීම ලබා නොදීමයි.
රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ අවම වශයෙන් 60% ක ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමක් ලබාදෙන ලෙස ඉල්ලා එම සංගමය ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත මීට දින දෙකකට පෙර ලිපියක් යොමු කර තිබුණා.
703 Views
Comments