මැති ඇමතිවරුන්ට සහ නිලධාරීන්ට අමතර ඉන්ධන ලබා දීම අත්හිටුවයි

ඉන්ධන අර්බුදය නිසා පැනනැගී ඇති තත්ත්වය මග හැරෙන තෙක් මැති ඇමතිවරුන් ඇතුළු සියලුම රජයේ නිලධාරීන්ට අතිරේක ඉන්ධන ලබා දීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පැවසීය.
අත්‍යවශ්‍යම රාජකාරි අවශ්‍යතාවක් නොමැතිව සති අන්තයේ සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හි රජයේ කාර්යාල විවෘතව තැබීම තහනම් කෙරෙන බවද ලේකම්වරයා සඳහන් කළේය. විදුලිය සහ ඉන්ධන පිරිමැසීම සඳහා මෙම පියවර ගැනීමට සිදුවූ බව ද රත්නසිරි මහතා අවධාරණය කළේය.
පසුගිය මාස දෙකෙහි විදුලි බිල්පත් පරීක්ෂාකර, එම බිල්පත් සංසන්දනය කර, විදුලි බිල්පත සඳහා වැය කරන මුදල අඩුකර ගැනීම සඳහා සියලු ම ආයතන ප්‍රධානීන් වගබලාගත යුතු බවද ලේකම්වරයා පැවසීය.
මේ දිනවල පවතින ඉන්ධන ප්‍රශ්නය නිසා බස් හා දුම්රිය මගින් සේවයට පැමිණෙන රජයේ සේවකයන්ට රාජකාරියට පැමිණීමේදී සිදුවන ප්‍රමාදවීම වෙනුවෙන් ආයතන සංග්‍රහයේ විධිවිධානවලට අනුව පැය භාගයක සහන කාලයක් ලබා දෙන බව ද රත්නසිරි මහතා සඳහන් කළේය.
931 Views
Comments