අධිකරණයෙන් නිදහස් වූ වාසනා පෙරහැරකින් ගෙදර යයි

වාසනා ඇත්පැටවා අධිකරණ නියෝගයෙන් නිදහස ලබා පෙරහැරකින් නිවෙසට පැමිණියේය.
ඇත් පැටවා පිළිගැනීම සඳහා මහා සංඝරත්න ඇතුළු පිරිස නිවෙස ඉදිරිපිට රැඳි සිටියහ.
වාසනා හස්තියාගේ හිමිකරු වන දයානන්ද බෝම්බුවල යුවළ පෙරටු කර ගත් පෙරහැරකින් හොරණ රැටියල නිවෙසට කැදවාගෙන ආ අතර එහි දී වාසනා ඇත් පැටවා මහ සංඝරත්නය වැඳ නමස්කාර කිරීම විශේෂ සිදුවීමක් විය.
යහපාලන රජය සමයේ වසර 2016 දී නීතයානුකූල නොවන අයුරින් රඳවා ගන්නා ලදැයි සැකපිට ශ්‍රී ලංකාවේ විහාරස්ථානවල හා ධනපතියන්ගේ නිවෙස් වල සිටි අලි ඇතුන් තිස්පහක් පමණ අධිකරණය නියෝග මත අත්අඩංගුවට ගෙන උඩවලව ඇත් අතුරු සෙවණේ රැකවරණය යටතට පත්කරන ලදී.
අනතුරුව සිදුකළ නීතිමය කටයුතු අවසන් වීමෙන් පසු හොරණ වාසනා සහ දෙව්මිනි ඇතිනි පැටවා පෙරේදා(01) නිදහස ලබා ඇත.
706 Views
Comments