ලංගම බසය තෙල් නොමැතිව මහමග නතර වෙලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
23

ලංගම බසය තෙල් නොමැතිව මහමග නතර වෙලා

ලංගම බසය තෙල් නොමැතිව මහමග නතර වෙලා

කොළඹ - මාතර ධාවනය වන ශ්‍රී ලංගම බස් රථයක් ඩීසල් නොමැතිව අද(23) උදෑසන කළුතර නගර මධ්‍යයේ නතරවීමෙන් එහි ගමන් ගත් මගීන් දැඩි අපහසුතාවයකට පත්ව තිබේ.


කොළඹින් මාතර බලා ධාවනය වූ මාතර ඩිපෝවට අයත් එම බසය කළුතර මැදපාරේ උදෑසන 9ට පමණ නතරවී ඇත.

 

ඒ වනවිට මගීන් 80කට ආසන්න පිරිසක් රථයේ ගමන් කරමින් සිට ඇති අතර, ඔවුන් වෙනත් බස් රථ වලට යොමුකල බව රියදුරු පැවසීය.

 

අනතුරුව කලු‍තර ඩිපෝවට දැනුම්දී ඩීසල් රැගත් ලංගම කාර්මිකයින් පැමිණ බස් රථය පෙරවරු 10.30ට පමණ යලි පණගන්වන අයුරු දක්නට ලැබුණි.

views

837 Views

Comments

arrow-up