චමුදිතගේ නිවසට එල්ල වූ ප්‍රහාරය ගැන අහන්න පොලිසියට කැඳවුවත් පුෂ්පිකා එය මඟ හරි

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරීම සඳහා හිටපු විවාහක රූ රැජිනි පුෂ්පිකා ද සිල්වා අද පෙරවරුවේ පිළියන්දල පොලිසිය වෙත කැදවා තිබුණද ඇයට අද දින පොලිසිය හමුවේ පෙනී සිටිය නොහැකි බව ඇය දන්වා තිබෙනවා.
නීතිඥවරයකු මාර්ගයෙන් ඒ බව ඇය පොලිසිය වෙත දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ ඇය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වීම මතයි මෙම කැදවීම සිදු කෙරුණේ ඇයට ප්‍රබල දේශපාලන සම්බන්ධතාවයක් ද ඇති බවයි වාර්තා වන්නේ.
716 Views
Comments