මහ කන්නයේ වගා හානි වූවන්ට වන්දි ලබන සතියේ සිට

මහ කන්නයේදී වගා හානි වූ ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 50,000 බැගින් වන්දි ලබාදීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.
මෙම යෝජනාව සඳහා කැබිනට් අනුමැතියද ලැබුණු බව කී අමාත්‍යයවරයා අදාළ මුදල ලබන සතියේ සිට ලබාදෙන බවද පැවසීය.
මෙිවන විට වී කිලෝව රුපියල් 92 සහ 95 අතර මුදලකට මිලදී ගන්නා බවත් ගොවීන්ට වගා හානි වන්දිය ද ලැබුණු පසු කිසිම ආර්ථික අහේනියක් ඇති වීමට ඉඩක් නැති බවත් කියා සිටියේය.
රසායනික පොහොර තහනමෙන් පසු නියමිත වේලාවට කාබනික පොහොර ලබා දෙන්නට නොහැකි වූ නිසා නිෂ්පාදනයේ අඩුවක් සිදුවූ බව කී අලුත්ගමගේ මහතා ගොවීන්ට කිසිදු අසාධාරණයක් වන්නට ඉඩ නොදෙන බව තමා මුල සිටම පැවසූ බවද සඳහන් කළේය.
763 Views
Comments