නැදුන්ගමුවේ රාජාගේ සිරුරේ සංරක්ෂණ කටයුතු ඇරඹෙයි

නැදුන්ගමුවේ රාජා හස්තියාගේ සිරුරේ සංරක්ෂණ කටයුතු ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ සත්ව විද්‍යා අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (08) ආරම්භ කරනු ලැබීය.
මේ වනවිට හස්තියාගේ චර්මය ඉවත් කිරීමේ කටයුතු සිදු කරන බවත් ඒ සඳහා සති දෙකක් පමණ ගතවනු ඇති බවත් ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ සත්ව විද්‍යා අංශයේ චර්ම ශිල්පී චමල්කා කොතලාවල මහත්මිය පැවසුවාය.
එහිදී අපිචර්මය ඉවත් කරගෙන එය සංරක්ෂණය කරන බවත් කී ඇය, ඇත් රුව ස්ථානගත කරන්නේ කොතැනද යන්න ගැන මේ වන තුරු තීරණය කර නැති බවත් පැවසුවාය.
චර්මය සංරක්ෂණය කර අවසන් වූ පසු සැකිල්ල ඉදිකර ඊට සංරක්ෂිත චර්මය එක්කරන බවත් මේ කටයුතු අවසන් වන්නට මාස කිහිපයක් ගතවනු ඇති බවත් කොතලාවල මහත්මිය පැවසුවාය.
මෙම කටයුත්ත දියවඩන නිලමේ නිලංග බණ්ඩාර දෑලගේ අභිමතය අනුව සිදුවනු ඇති බව කී ඇය සංරක්ෂණ කටයුතු සිදු කරන්නේ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනුජා කස්තුරිආරච්චි මහත්මියගේ උපදෙස් මත හා එහි සත්ව විද්‍යා අංශයේ සහකාර අධ්‍යක්ෂිකා ලංකානි සෝමරත්න මහත්මියගේ අධීක්ෂණය මත බවත්, රවින්ද්‍ර වික්‍රමනායක, සුසන්ත බාලසුරිය, තුෂාරි දසනායක ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් තමන්ට සහාය දෙන බවත් පැවසුවාය.
887 Views
Comments