මහල් 7ක ගොඩනැගිල්ලෙන් බිමට වැටුණු දරුවා මරුට

බම්බලපිටියේ මහල් හතක ගොඩනැගිල්ලකින් වැටුණු 15 හැවිරිදි දරුවෙකු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.
ඊයේ(28) සවස බම්බලපිටිය ක්‍රෙස්ටර් පෙදෙසේ පිහිටි ගොඩනැගිල්ලෙන් වැටී සිදුවූ මෙම අනතුරින් අධික ලෙස තුවාල ලබා කොළඹ ජාතික රෝහලට රැගෙන යාමෙන් අනතුරුව එම දරුවා මිය ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
දරුවා එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන අතර සිරුර කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
බම්බලපිටිය පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
699 Views
Comments