පළමු කොවිඩ් පරීක්‍ෂණය නෙගටිව් - දෙවැනි පරීක්‍ෂණය පොසිටිව්, ඥාතීන්ට දුන් මෘතදේහය රෝහලට රැගෙන ගොස් අවසන් කටයුතු කරයි

කොවිඩ් 19 රෝගී මළසිරුරක් ඥාතීන්ට ලබාදී අවසන් කටයුතු සිදුකිරීමට සූදානම් කර තිබියදී නැවත රෝහලට රැගෙනවිත් අවසන් කටයුතු සිදුකල පුවතක් නාගොඩ රෝහලින් පසුගිය 20 වනදා වාර්තා වේ.
පොතුවිල, මහගම්මැද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි කාන්තාවකගේ මෘතදේහයක් නැවත මෙලෙස රැගෙනවිත් ඇතැයි පැවසේ.
ඒ අනුව අදාළ මළසිරුරේ එම්බාම් කටයුතු කළ කළුතර මල් ශාලාවක සේවකයින් දෙදෙනෙකු සහ නිවැසියන් දස දෙනෙකු ඇතුළුව දොළොස් දෙනකු නිරෝධායනය කිරීමට කළුතර සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.
අදාළ කාන්තාව ඉකුත් 18 වනදා මියගොස් ඇති අතර ඇගේ පීසීආර් පරීක්ෂණ වාර්තාව ලැබීමට මත්තෙන් මෘත දේහය ඥාතීන්ට භාරදී ඇති අතර කළුතර මල් ශාලාවකින් මළසිරුර එම්බාම් කර පොතුවිල මහ ගම්මැද්ද ප්‍රදේශයේ නිවසට පසුගිය 19 වනදා පස්වරුවේ රැගෙන ගොස් තිබේ.
කෙසේ වුවත් පසුගිය 20 වනදා උදෑසන ලැබී ඇති පීසීආර් වාර්තාවට අනුව ඇයට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරුවී ඇත.
ඒ අනුව වහ ක්‍රියාත්මක වූ රෝහල් කාර්ය මණ්ඩලය කළුතර සෞඛ්‍යය වෛද්‍ය විද්‍යායතනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් අදාළ අවමඟුල පැවැත්වෙන නිවසට යොමුකර දේහය නැවත රෝහලට රැගෙන ගොස් අවසන් කටයුතු කිරීමට පියවර ගෙන තිබුණි.
752 Views
Comments