අර්බුදය දිග්ගැස්සෙයි - ඉන්ධන දුන්නොත් විදුලිය නෑ, විදුලිය දුන්නොත් ඉන්ධන නෑ..

පවතින විදුලිය අර්බුදය හේතුවෙත් දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 1500ක ප‍්‍රමාණයක් ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟ වී තිබේ.
මෙම ඩීසල් ප්‍රමාණය එළැඹෙන අඟහරුවාදා දින තෙක් දෛනිකව ලබා දෙන බවත් ඉන් අනතුරුව කරන ආකාරය පිළිබඳව අඟහරුවාදා දිනයේ සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බවත් සංස්ථාව පවසයි.
මේ අතර ඉදිරි දින පහළොවක පමණ කාලයක් සඳහා අවශ්‍ය ඉන්ධන තොග අසීරුවෙන් කලමණාකරණය කල හැකි තත්වයක තෙල් සංස්ථාව සිටියදී විදුලි උත්පාදනය සඳහා ඩීසල් තොග දෛනිකව විදුලි බල මණ්ඩලය වෙත ලබා දීම හේතුවෙන් ඩීසල් හිඟයක් ඇතිවීමේ තත්ත්වයක් උද්ගතව ඇත.
දැනටමත් මෙරටට ආනයනය කරන ඉන්ධන වලට ඩොලර් සොයා ගැනීමේ දැඩි අර්බුදකාරී තත්ත්වයක සංස්ථාව සිටී.
විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කිහිපවරක්ම අනතුරුඅඟවා සිටියේ ඇතැම් විට ඉදිරි දිනවලදී ඉන්ධන හිඟවීමේ අවදානමක් ඇති බවයි.
මේ සම්බන්ධයෙන් පසුගිය කැබිනට් මණ්ඩල වාර කිහිපයකටම අමාත්‍යවරයා විසින් දැනුම් දී ඇත.
එමෙන්ම අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කල නොහැකි බවත් ඇමතිවරයා සති අන්ත පුවත්පතකට පවසා තිබුණි.
706 Views
Comments