“මම අත්සන් කරපු සමහර ගැසට් තවමත් ක්‍රියාත්මක වෙලා නෑ” - හිටපු ජනපති
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
22

“මම අත්සන් කරපු සමහර ගැසට් තවමත් ක්‍රියාත්මක වෙලා නෑ” - හිටපු ජනපති

“මම අත්සන් කරපු සමහර ගැසට් තවමත් ක්‍රියාත්මක වෙලා නෑ” - හිටපු ජනපති

තමන් ජනාධිපති ධූරය දැරූ සමයේ අත්සන් කළ සමහර ගැසට් තවමත් ක්‍රියාත්මක වී නැතැයි හිටපු ජනාධිපති පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

 

තමා එම ගැසට් නිවේදන නිකුත් කළේ පරිසරයේ ආරක්ෂාව වෙනුවෙන් බවත් හෙතෙම චෝදනා කළේය.

 

ඔහු මෙසේ සඳහන් කලේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති උත්සවයකදීය.

 

වත්මන් ආණ්ඩුව විසින් පස් සහ වැලි ප්‍රවාහන බලපත්‍ර ඉවත් කිරීම පිළිබඳව තමා විමතියට පත්වූ බවත් ඔහු පැවසීය.

 

“මං ජනාධිපති ධූරය දරන කාලෙදී ගැසට් නිවේදන 65කට අත්සන් කළා.

ඉන් මාස තුනකට පස්සෙ තමයි මම ජනාධිපති ධුරයෙන් සමුගත්තෙ. විදුලි කියත් ලියාපදිංචි කරන්නත් ගැසට් නිවේදනයක් නිකුත් කළා.

සමහරු මේවට මට හිනා වුණා. සමාජ වෙබ් අඩවිවලින් මට කුඩුවෙන්න ගැහුවා. මගේ ඇඟේ කෑලි ගැලෙව්වේ නැති ටික විතරයි.”‍

views

637 Views

Comments

arrow-up