අධිවේගය වන සතුන් ලක්ෂ පහක් එළොව යවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
22

අධිවේගය වන සතුන් ලක්ෂ පහක් එළොව යවයි

අධිවේගය වන සතුන් ලක්ෂ පහක් එළොව යවයි

අධිවෙිගි මාර්ග මතදී පක්ෂීන් ඇතුළු විවිධ වන සතුන් ලක්ෂ පහකට අධික ප්‍රමාණයක් වාහනවල හැපීමෙන් සහ වාහන හේතුවෙන් ඇතිවූ පරිසර දුෂණ බලපෑම් හේතුවෙන් පසුගිය කාලයේ මරුමුවට පත්ව ඇතැයි සමීක්ෂණයකින් තොරතුරු අනාවරණයවූ බව පරිසර සංවිධාන සඳහන් කරයි.

 

මොණරුන් පමණක් දහසකට වැඩි සංඛ්‍යාවක් අධිවේගී මාර්ග මතදී වාහනවල හැපීමෙන් සහ එම  වාහන මගින් ඇති කළ පරිසර දූෂණ බලපෑම් නිසා මරුමුවට පත්ව ඇත.

 

මේ සම්බන්ධයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසූවේ අධිවේගී මාර්ගවලදී යම් යම් වන සතුන්ට ගැටලු‍ මතුවන බව තමා පිළිගන්නා බවයි.

 

පක්ෂීන් ඇතුළු විවිධ වන සතුන් ප්‍රිය කරන ගස් කොළන් අධිවේගී මාර්ග දෙපස  වැවීම නොකරන ලෙසට උපදෙස්දී තිබෙන්නේ මේ තත්වය සැලකිල්ලට ගෙන බව පවසන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩි දුරටත් පැවසුවේ අධිවේගී මාර්ග ආරම්භ කළ කාලයට සාපේක්ෂව වන සතුන්ට වන හානි මේ වනවිට බෙහෙවින් අඩුවී ඇති බවයි.

 

සමහර වන සතුන් අධිවේගී මාර්ග මතදී ඇතිවන බලපෑම හේතුවෙන් මරුමුවට පත්ව සිටියදී සොයා ගැනුණේ එම මාර්ගවලට පිටත විවිධ ස්ථානවල වැටී සිටියදී බව පරිසරවේදීන් පවසයි.

views

746 Views

Comments

arrow-up