වතුකම්කරුවන් අත්අඩංගුවට ගත්තාට විරෝධය පාති
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
01

වතුකම්කරුවන් අත්අඩංගුවට ගත්තාට විරෝධය පාති

වතුකම්කරුවන් අත්අඩංගුවට ගත්තාට විරෝධය පාති

වතු නිලධාරීන් හා ඇති වූ ආරවුලක් හේතුවෙන් අත්අඩංගුවට ගත වතු කම්කරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් තලවකැලේ වතුයායේ වතුම්කරුවෝ ඊයේ විරෝධතාවයක නිරතවුණා.

 

වතු නිලධාරීන් හා වතු කම්කරුවන් පිරිසක් අතර ඇති වු ආරවුලකින් පසුව වතු නිලධාරීන්ට පහරදීමක් සිදු කළ බව පවසා මෙසේ තම වතුයායේ වතුකම්කරුවන් නව දෙනකු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව විරෝධතාවයේ නිරත වතු කම්කරුවෝ පවසනවා.

 

තලවකැලේ වතුයායට අයත් කටුකැලේ, කොරීන්, තලවකැලේ, නානුඔය යන කොටසේ වතුකම්කරුවෝ විශාල පිරිසක් වතු රාජකාරි කටයුතුවලින් බැහැර වී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් මෙසේ විරෝධතාවයේ නිරතව සිටියා.

views

837 Views

Comments

arrow-up