මන්ත්‍රිගේ නිවසේ අටු බස්සන් තුනක්

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ නිවසේ වහලයේ රැඳී සිටි දුර්ලභ ගණයේ බකමූණන් තිදෙනෙකු මන්ත්‍රීවරයා විසින් ලබාදුන් තොරතුරකට අනුව සොයා ගත් බව පුත්තලම වනජීවී පාලන ඒකකය සඳහන් කරනවා.
එම මන්ත්‍රිවරයාගේ නිවසේ සිවිලිමේ සිට බිමට වැටී සිටි මෙම අටු බකමූණු වර්ගයේ සතුන් තිදෙනා පසුව පුත්තලම වනජීවී කාර්යාලයට රැගෙනවිත් තිබෙනවා.
Barn Owl යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම බකමූණු වර්ගය ලංකාවේ වැඩි වශයෙන් දක්නට නොලැබුණද කලපු ආශ්‍රිතව සමහර ස්ථානවල දක්නට ලැබෙන බව වනජීවී නිලධාරීන් පැවසුවා.
නිලධාරීන්ගේ භාරයට ගත් මෙම අටු බකමූණන් තිදෙනා වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා නිකවැරටිය පසු වෛද්‍ය කාර්යාලයට භාරදීමට නියමිතයි.
738 Views
Comments