මුදල් ගනුදෙනුවට උරණවූ උපකාරක පන්ති ගුරු අයියාගෙන් පහරකෑ මල්ලී රෝහලේදී මරුට

මුදල් ගනුදෙනුවක් සම්බන්ධව සහෝදරයන් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයකු වූ අයියා විසින් සිදුකරන ලද පහරදීමෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි මල්ලී දින තුනකට පසු මියගොස් ඇති බව කහතුඩුව පොලිසිය කියයි.
කැස්බෑව, මාකන්දන ප‍්‍රදේශයේ පදිංචි රංගන අල්විස් නමැති 42 හැවිරිදි දෙදරු පියෙක් මෙලෙස මියගොස් ඇත.
මියගිය අය මුදල් ගනුදෙනුවක් පිළිබඳව සාකච්ඡාකර ගැනීම සඳහා ඉකුත් පසුගිය 12 වනදා තම වැඩිමල් සොහොයුරා පදිංචි පොල්ගස් ඕවිට හෙරලියාවල තමා උපන් නිවස වෙත බිරිඳ සමඟ පැමිණ තිබේ.
එම අවස්ථාවේ දෙදෙනා අතර ඇති වූ කතාබහ දුරදිග යාමෙන් බහින්බස් වීමක් සිදුවී අයියා සිය සහෝදරයාට පහරදීමක් සිදුකර ඇත.
ඒවන විටත් ස්නායු ආබාධයක් හේතුවෙන් ගෙල ප්‍රදේශයේ ශල්‍යකර්මයක් සිදුකොට සිටි මල්ලී 14 වන දින අසනීපවීම හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
එහිදී අසාධ්‍යවී කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවනු ලැබූ අතර එහි ප්‍රතිකාර ලබමින් සිටි ඔහු 15 දින අලූයම මියගොස් ඇත.
පහරදුන් බව කියන උපකාරක ගුරුවරයෙකු වන සහෝදරයා සහ ඔහුගේ බිරිඳ කහතුඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
13355 Views
Comments