නීතිවිරෝධීව රැගෙනා ආ ආනයනික සීමා පැනවූ භාණ්ඩ තොගයක් කටුනායකදී අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස රැගෙනවිත් තිබූ ඖෂධ තොගයක්, එනසාල් කිලෝ 352ක්, කහ කිලෝ 472ක් ඇතුළු භාණ්ඩ තොගයක් කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් භාරයට ගෙන ඇත.
කෙටි සංචාරයන් සඳහා ඉන්දියාවට ගොස් පසුගිය 22 වැනි දින නැවත පැමිණි මගීන් පිරිසකගේ ගමන්මලුවල සඟවා තිබියදී එම භාණ්ඩ තොගය සොයාගෙන තිබිණි.
මේ වනවිට ශ්‍රී ලංකාවට කහ සහ එනසාල් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙන අතර රේගු භාරයටගත් එම භාණ්ඩවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 04කට ආසන්න බව රේගු නිලධාරීන් කීය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
740 Views
Comments