අනිද්දා තවත් සයිනොෆාම් එන්නත් තොගයක් ලංකාවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
25

අනිද්දා තවත් සයිනොෆාම් එන්නත් තොගයක් ලංකාවට

අනිද්දා තවත් සයිනොෆාම් එන්නත් තොගයක් ලංකාවට

කොළඹ පිහිටි චීන තානාපති කාර්‍යාලය නිවේදනය කළේ චීනයෙන් මෙරටට ලැබෙන පරිත්‍යාගයක් ලෙස තවත් සයිනොෆාම් එන්නත් මිලියන 1.6ක් අනිද්දා අලුයම මෙරටට ලැබීමට නියමිත බවයි.

 

 


කොරෝනා එන්නත් මාත්‍රා 8,439,469ක් ඊයේ වනවිට මෙරට පුද්ගලයන්ට ලබාදී ඇති අතර එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාගත් සංඛ්‍යාව 6,693,072ක්ද, එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සංඛ්‍යාව 1,746,397ක්ද වන බව වසංගත රෝග විද්‍යා අංශය දැනුම් දී ඇත.

 

 


තවදුරටත් ඔවුන් ප්‍රකාශ කළේ වැඩි පුද්ගලයන් පිරිසකට සයිනොෆාම් එන්නත ලබා දී ඇති බවත් සයිනොෆාම් පළමු මාත්‍රාව මෙරට පුද්ගලයන් 4,919,323කටද, එහි දෙවන මාත්‍රාව පුද්ගලයන් 1,346,048කටද ලබාදී ඇති බවයි.

views

823 Views

Comments

arrow-up