ඉන්ධන ආනයනය සීමා කර ඩොලර් සංචිත රැක ගැනීමේ සූදානමක්

කඩිනමින් පුනර්ජනනීය බලශක්ති වෙත යොමු වෙමින් ඉන්ධන ආනයනය සීමා කර යුතු බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පවසනවා.
ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කරන්නේ ඛනිජ තෙල් ආනයනය 10%කින් අඩු කරගතහොත් වසරකට ඩොලර් මිලියන 500ක් පමණ ඉතුරු කර ගත හැකි බවයි. එම මුදල අල, මිරිස්, ලූණු, කහ වැනි ද්‍රව්‍ය සියල්ලම ආනයනය සීමා කළ ද ඉතුරු කර ගත නොහැකි වේ.
ඉන්ධන මත රඳා පවතින ආර්ථිකයෙන් ගැලවීම සඳහා ඉදිරි වසර දහය ඇතුළත බලශක්ති ජනනයෙන් 70%ක් ඉදිරියේ දී පුනර්ජනනීයව නිපදවීමට සැලසුම් කර ඇත.
694 Views
Comments