'මහින්ද සුළඟ ආරම්භ කිරීමට පුරෝගාමී වීම වරදක් නම් මං ජාතියෙන් සමාව ගන්න ඕන' – පොඩි ළමයි බඩු පොඩි කරගත්තට කලබල වෙන්න ඔනේ නැ - අමාත්‍ය විමල් වීරවංශ (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
09

'මහින්ද සුළඟ ආරම්භ කිරීමට පුරෝගාමී වීම වරදක් නම් මං ජාතියෙන් සමාව ගන්න ඕන' – පොඩි ළමයි බඩු පොඩි කරගත්තට කලබල වෙන්න ඔනේ නැ - අමාත්‍ය විමල් වීරවංශ (VIDEO)

'මහින්ද සුළඟ ආරම්භ කිරීමට පුරෝගාමී වීම වරදක් නම් මං ජාතියෙන් සමාව ගන්න ඕන' – පොඩි ළමයි බඩු පොඩි කරගත්තට කලබල වෙන්න ඔනේ නැ - අමාත්‍ය විමල් වීරවංශ (VIDEO)

2015 ජනවාරි මාසයේ 08 වෙනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය වුවාට පසුව නුගේගොඩින් ආරම්භ කෙරු “මහින්ද සුළඟ” දේශපාලන ගමනේ ආරම්භක පුරෝගාමින් කිහිප දෙනා අතුරින් තමාද එක් අයෙකු වීම වරදක් නම් තමන් ජාතියෙන් සමාව ඉල්ලීමට සුදානම් බව අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශ කර සිටිනවා.

 

ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා බවට පත්කළ යුතු බව කියමින් එය යථාර්තයක් බවට පත් කර ගැනීමට කටයුතු කිරීම වෙනුවෙන් කැපවීම වරදක් නම් ජාතියෙන් සමාව ඉල්ලීමට සුදානම් බව එතුමා සදහන් කරනවා.

 

පොදුජන පෙරමුණ පක්ෂයේ මහ ලේකම් නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සිදුකළ ප්‍රකාශයට පිළිතුරු දක්වමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ.

 

මිගමුව ප්‍රදේශයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු වශයෙන්.

 

''අපේ පක්ෂයේ විදෙස් ඔත්තු සේවාවලට සම්බන්ධ වෛද්‍යවරු ඉන්නවනම්, මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා. වහාම පොලිස්පතිතුමාට උපදෙස් දෙන්න ඒ පිළිබඳ පරීක්ෂණයක් කරන්න, මුලින්ම චෝදනාව කරපු එක්කෙනාගෙන් කට උත්තරයක් ගන්න. ඊට පස්සේ වෛද්‍යවරුන් දෙන්න ගැන හොයලා බලලා ,එහෙම ඔත්තු සේවයට සම්බන්ධනම් ක්‍රියාමාර්ග ගන්න. ඔය බොරු අවලාද ගහන්නේ,"

 

යනුවෙන් විමල් වීරවංශ මහතා තවදුරටත් අදහස් දැක්වුවා. 

 

 

views

2076 Views

Comments

arrow-up