රාජ්‍ය ආයතනවල ලොක්කන් රැසක් ඉල්ලා අස්වෙන්න ලෑස්ති වෙයි

රජයේ සංස්ථා මණ්ඩල ඇතුළු ආයතන රැසක ප්‍රධානීන් තම තනතුරුවලින් ඉල්ලා අස් වීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.
පවතින ආර්ථික අර්බුදය සහ ඉන්ධන හිඟතාවය හේතුවෙන් තවදුරටත් ආයතන පවත්වාගෙන යාමට නොහැකිවීම නිසා මෙම පිරිස මෙම තීරණය ගෙන ඇතැයි වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් දැනටමත් ආයතන ප්‍රධානීන් කිහිපදෙනෙකුම රජයේ ඉහළ බලධාරීන්ට දැනුම්දී ඇති බව සඳහන්ය.
ඉන්ධන සහ අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් මෙම ආයතන රැසක් පවත්වාගෙන යාම දුෂ්කර වී ඇති බැවින් එම ප්‍රධානින් දැඩි කනස්සල්ලට සහ අසරණ තත්ත්වයට පත්ව සිටිතැයි ද දැනගන්නට ලැබේ.
දැනටමත් ආයතන බොහොමයක ඉන්ධන හිඟය මත සාමාන්‍ය කටයුතු බොහෝ සෙයින් අඩාල වී ඇත.
289 Views
Comments