ඉන්ධන එන දවස කියන්න බැහැ- විදුලි බල හා බලශක්ති ඇමති කියයි

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (25) පවසා සිටියේ ඉන්ධන නෞකාවක් පැමිණෙන දිනයක් පිලිබදව ප්‍රකාශක් කළ නොහැකි බව ඛනිජ තෙල් නීතීගත සංස්ථාව දැනුම්දී ඇති බවය.
මීට පෙර ඔහු විසින් සිය ට්විටර් ගිනුමේ පණිවිඩයක් තබමින් පසුගිය 23 වනදා මෙට්‍රික් ටොන් 40,000ක පෙට්‍රල් නෞකාවක් දිවයිනට පැමිණෙන බවට දැනුම් දුන් නමුත් එම නෞකාව එදින නොපැමිණි අතර පසුගිය 24 වනදා එය යලි දිවයිනට පැමිණෙන බව යළි ට්විටර් පණිවිඩයක් මගින් දැනුම් දී තිබුණි.
පොදු ප්‍රවාහනය, බල ශක්ති උත්පාදනය සහ කර්මාන්ත වලට ප්‍රමුඛත්වය ලබාදී පවතින ඉන්ධන තොග බෙදාහරින බවත්
රට තුළ මේ වන විට සියලුම වර්ගවල ඉන්ධන තොග ප්‍රමාණවත්ව නොමැතිනිසා එසේ සිදුකරන බවත් කංචන විජේසේකර මහතා පවසා සිටියි.
එමෙන්ම මේ හේතුව නිසා ඉන්ධන පෝලිම්වල රැදී නොසිටින ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටී.
248 Views
Comments