කළු කඩේ පෙට්‍රල් ලීටරය 1000 පනී

පුත්තලම මූලික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකු තම මෝටර් රථවලට පෙට්‍රල් ලීටරයක් රුපියල් දහසක මිලකට අවස්ථා දෙකකදී මිලට ගෙන ඇති බව වාර්තා වේ.
හදිසියේ නිවසට යාමට අවශ්‍යවී පෙට්‍රල් ලීටරයක් රුපියල් 1000කට ලබා ගැනිමට සිදුවු බව ඔවුන් පවසයි.
පුත්තලම නගරය ආසන්නයේ ස්ථානයක සිට මෙම පෙට්‍රල් ලබාදීම සිදුකර ඇති බවද වාර්තාවෙයි.
දැන ගන්නට ඇති ආකාරයට මෙම විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාම ඉන්ධන හල්වලින් පෙට්‍රල් ලබා ගැනිමට විශාල උත්සහක් කර ඇති නමුත් එය සාර්ථක වී නොතිබිම හේතුවෙන් මෙසේ වැඩි මිළට පෙට්‍රල් අලෙවි කරන පිරිසෙන් මිළදි ගැනිමට සිදුව තිබුනී.
තම අවශතාවය නිසාම පසුව එක් විශේෂඥ වෛද්‍යවරයෙකු ඉන්ධන ලීටර් 30ක් රුපියල් තිස් දහසක මුදලක් ලබාදී මිලදි ගැනිමට කටයුතු කල බවද කියයි.
247 Views
Comments