JUN
26
“පෙට්‍රල් ඩීසල් වලින් දැන් ලාභයි” - ඇමැති කංචන

මේවන විට පෙට්‍රල්, ඩීසල් වලින් ඛණිජතෙල් සංස්ථාවට මේවන විට ලාභයක් ලැබෙන බව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පවසයි.
ඒ අනුව පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයකින් රුපියල් 15.51ක්ද 95 ලීටරයකින් රුපියල් 68.61ක් ද සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් 20.27ක් ද ලාභයක් ඇතැයි ඔහු පවසයි.
කෙසේ වුවත් භූමිතෙල් ලීටරයකින් තවමත් රුපියල් 334ක පාඩුවක් ඇතැයිද හෙතෙම පවසයි.
248 Views
Comments