SEP
02
තායිලන්තයෙන් වෛද්‍ය ආධාර

ඔක්සිජන් සාන්ද්‍රක 30ක්, වෙන්ටිලේටර් දෙකක් , ඔක්සිජන් ටැංකි 108ක් හා ඔක්සිමීටර 160ක් ඇතුළු තවත් උපකරණ තොගයක් , දිවයින පුරා කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල් වෙත බෙදාදීම සඳහා තායිලන්තය විසින් පරිත්‍යාග කර ඇත.
විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ තායිලන්තයේ විදේශ කටයුතු අමාත්‍යාංශය , තායිලන්තයේ ශ්‍රී ලංකා සංගමය , තායි ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය , කොළඹ රාජකීය තායි තානාපති කාර්යාලය එක්ව මෙම වෛද්‍ය උපකරණ තොගය මෙරටට පරිත්‍යාග කර ඇති බවයි.
758 Views
Comments