ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
26

ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්

ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්

රට තුළ පවතින වසංගත තත්වය සැලකිල්ලට ගෙන 2021 වසර සඳහා වන ඡන්ද හිමියන් ගණන් ගැනීමේ ආකෘති පත්‍ර ගෙයින් ගෙට ගොස් බෙදාහැරීම සිදු නොකරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

 

ඒ අනුව 2020 වසරේ ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම් 2021 වසර සඳහා එම ලිපින යටතේ ම ලියාපදිංචි වනු ඇත.

 

මේ සඳහා නැවතත් නව ආකෘතියක් පිරවීම අවශ්‍ය නොවේ.

 

2020 සඳහා ඡන්ද හිමි නාමලේඛනය ග්‍රාම නිලධාරී නිලධාරි කාර්යාලවල ප්‍රදර්ශනය කෙරීමට නියමිතව තිබුණද නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම නිසා එම කටයුතු නැවත දැනුම් දෙන තුරු කල් දමා තිබේ.

 

2021 වසර සඳහා ඡන්ද හිමියකු ලෙස ලියාපදිංචි වී ඇත්ද පරික්ෂා කිරීම සඳහා මැතිවරණ කොමිසමේ වෙබ් අඩවිය භාවිතා කළ හැකියි.

 

තමන්ගේ නම එලෙස නිර්දේශ වී නොමැති නම් වහාම ග්‍රාම නිලධාරිවරයා දැනුවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටිනවා.

views

1021 Views

Comments

arrow-up