ඇමති විමලවීර මේ මස වැටුපෙන් අඩක් කොවිඩ් අරමුදලට පරිත්‍යාග කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
19

ඇමති විමලවීර මේ මස වැටුපෙන් අඩක් කොවිඩ් අරමුදලට පරිත්‍යාග කරයි

ඇමති විමලවීර මේ මස වැටුපෙන් අඩක් කොවිඩ් අරමුදලට පරිත්‍යාග කරයි

තමාගේ මේ මස දීමනාවෙන් අඩක් කොරෝනා අරමුදලට පරිත්‍යාග කිරීමට තීරණය කළ බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසුවේය.

 

එම මුදල කොවිඩ් අරමුදලට අද හෙටම බැර කරන බවද ඔහු සඳහන් කළේය.

 

තමාටම කියා නිවසක්, ඉඩමක් හෝ කිසිම දේපලක් නොමැති තමා මෙම පරිත්‍යාගය කිරීමට සිතුවේ කොරෝනා වසංගත තත්වය හමුවේ රජය මුහුණදී සිටින දුෂ්කරතාව සැලකිල්ලට ගෙන යැයි පැවසූ දිසානායක මහතා දරුණු වසංගතයක් පවතින මොහොතක වැටුප් ඉල්ලා හඬ නගන අයට කිසියම් පණිවුඩයක් ලබා දීමටද තමා මෙමඟින් බලාපොරොත්තු වන බවද කීවේය.

 

රට මුහුණ දී ඇති මෙම තත්වය හමුවේ සියලු‍ දෙනා තමන්ට හැකි ආකාරයට දායක වීම වැදගත් බවද රට වසන්නැයි හඬ නගන කිසිවෙකු හෝ මේ අවස්ථාවේදී රටේ දියුණුවට කිසියම් හෝ කැපකිරීමක් කිරිමට ඉදිරිපත් නොවීම කණගාටුදායක බවද විමලවීර දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

තමා අසනීප තත්වයකින් පෙළෙන පුද්ගලයෙකු බවත් තමා සන්තකයේ තිබූ එකම වාහනයද ඒ අසනීප තත්වය සුවකර ගැනීම සඳහා පසුගියදා විකුණා දැමු බවත් ඔහු සඳහන් කළේය.

 

කොරෝනා වසංගතය හමුවේ රට දැඩි පීඩනයක සිටින හෙයින් මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සියලු‍ දෙනා පක්ෂ පාට කණ්නාඩි පසක දමා එකාවන්ව ඒකරාශී විය යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

views

790 Views

Comments

arrow-up