බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුළු 16 කට කොවිඩ්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
12

බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුළු 16 කට කොවිඩ්

බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුළු 16 කට කොවිඩ්

බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙක් ඇතුලු‍ කාර්ය්‍ය මණ්ඩලයේ 16 දෙනෙක්ට කොවිඩ් රෝගය ආසාදනයවී ඇති බව  හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධාන වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසුවේය.

 

වෛද්‍යවරුන් තිදෙනෙක්, හෙදියන් හයදෙනෙක් සහ කනිෂ්ඨ කාර්ය්‍ය මණ්ඩලයේ හත් දෙනෙක් මෙලෙස ආසාදිතයින් වී ඇති අතර අද(12)දින අහඹු ලෙස රෝගීන් කිහිපදෙනෙකුට සිදු කළ ඇන්ටිජන් පරීක්ෂණ වලින් 27 දෙනෙකුටද රෝගය වැළදී ඇතැයි සොයාගෙන තිබේ.

 

 මේ වනවිට බදුල්ල මහ රෝහලේ කොවිඩ් රෝගීන් 116 දෙනෙකු වාට්ටු පහක ප්‍රතිකාර ලබමින් සිටින බවත් දිනකට ඒ අතරට තවත් රෝගීන් විශාල පිරිසක් එක්වන බවත් පාලිත රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

views

808 Views

Comments

arrow-up