රු. 1998ක් වටිනා සහන මල්ලක් “1998” අමතා සතොසෙන් ගෙදරටම

සාමාන්‍ය වෙළෙඳපලේ රුපියල් 2600කට වඩා වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 20ක් ඇතුළත් සහන මල්ලක් “1998 සහන මල්ල” ලෙස රුපියල් 1,998 කට 1998 ඇමතීමෙන් නිවසටම ගෙන්වා ගත හැකි බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.
දිවයින පුරා සතොස අළෙවි ශාඛාවලින් හෙට (20) සිට මෙම සහන මල්ල ලබා ගැනීමේ හැකියාව ඇති බවත් සතොස සමඟ පෞද්ගලික අංශයද ඒකාබද්ධව මෙම ක්ෂණික ඇමතුම් සේවාව ක්‍රියාත්මක කිරීම හා බෙදාහැරීම කරන බවත් වෙළෙඳ අමාත්‍යවරයා සඳහන් කළේය.
පළමු සතිදෙක තුළ ප්‍රවාහන ගාස්තු අය නොකරන බව කී අමාත්‍යවරයා ජනතාව මත පීඩනයක් ඇති වීම වළක්වාලමින් ලාභ ලැබීමේ අරමුණකින් තොරව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවද “1998 සහන මල්ල” ව්‍යාපෘතිය හදුන්වාදීම වෙනුවෙන් වෙළෙඳ අමාත්‍යංශයේදී අද(19) පැවැති මාධ්‍ය හමුවේදී වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.
845 Views
Comments