වී ගබඩා 20කට මුද්‍රා තැබේ

අනුරාධපුර ප්‍රදේශයේ නීති විරෝධී ලෙස වී තොග ගබඩා කර තිබූ ගබඩා 20කට පාරිභෝගික සේවා අධිකාරිය විසින් මුද්‍රා තබා තිබේ.
එම ගබඩා මුද්‍රා තැබීමෙන් අනතුරුව ගබඩා හිමියන් විසින් තමන් සතු වී තොග රජය සහතික මිල යටතේ වී අලෙවි මණ්ඩලයට ලබාදීමට එකඟතාවය පළ කර ඇත.
ඊයේ දිනයේ ආරම්භ කළ අනුරාධපුර, පොලොන්නරුව, අම්පාර ඇතුලු ප්‍රදේශවල නීති විරෝධී වී ගබඩා වැටලීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.
1252 Views
Comments