විදේශ සංචිතය දැන් බිංදුවයි - මුදල් ඇමති

“අපේ ඇත්ත සංචිතය අද වනවිට බිංදුවයි” යැයි මුදල් ඇමැති අලි සබ්රි මහතා පවසයි.
අපට ණය ගෙවන්න බෑ කියලා කියන්න වුණේ ඒ නිසා බව ද මුදල් ඇමැතිවරයා කීවේය. දැනට රටේ පවතින විදේශ සංචිත ප්‍රමාණය කොපමණද කියා මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් පෙරේදා (02 දා) රාත්‍රී ස්වර්ණවාහිනියේ ‘දුර හරි කෙළින්’ දේශපාලන සංවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.
ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ මුදල් ඇමැතිවරයා මෙසේ ද කීවේය.
ලංකාවේ විදේශ සංචිතය ඩොලර් බිලියන 1.9ක් කිව්වට එක ද්‍රවශීලතා ශතයක්වත් පාවිච්චි කරන්න බෑ. ඒක තියෙන්නේ ‘ස්වොප්’ එකක් හැටියට. ලෝකෙට පෙන්වනවා මෙච්චර ප්‍රමාණයක් තියෙනවා කියලා. ඒත් අද වනවිට අපේ ඇත්ත සංචිතය බිංදුවයි.
787 Views
Comments