ඩයනා රටින් පලා යයි?

සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ රටින් පලා යන යන බවට තොරතුරු ලැබී ඇතැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී කරුණු ඉදිරිපත්වී තිබුණි.
ඇයගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා ගොනු කර ඇති පැමිණිල්ලට අදාළව පැමිණිලි පාර්ශ්වය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ මෝසමකදී ඒ වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් කරුණු දක්වමින් ඉල්ලා සිටියේ ඇමැති අමාත්‍යවරියගේ විදේශ ගමන් කෙටි කලකට හෝ තහනම් කරන ලෙසය.
ඔවුන් කියා සිටියේ ඩයනා ගමගේ පළා යාමට නියමිත බවට විශ්වාස කටයුතු තොරතුරු ලැබී ඇති බවයි.
කරුණු සලකා බලන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කලේ රාජ්‍ය අමාත්‍යවරියට නොවැම්බර් 14 දක්වා තාවකාලිකව විදේශ ගමන් තහනම් කරන බවයි.
කෙසේ වෙතත් අදාළ කරුණු ප්‍රතික්ෂේප කරන ඩයනා ගමගේ පවසන්නේ තමන් කිසිසේත්ම ශ්‍රී ලංකාව හැරදා යාමට සූදානමක් නැති බවයි.
කුඩා කල සිටම විදේශ රටක අධ්‍යාපනය ලැබූ තමන් එම රට හැරදා ශ්‍රී ලංකාවට පැමිණියේ රට හැරදා යාමට නොවන බවත් තමන් මිය යන්නේද මේ රට බවත් මාධ්‍ය හමුවකදී ඇය පැවසුවාය.
205 Views
Comments