ජනපති රනිල් චීන - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීමේ බලාපොරොත්තුවෙන්

චීනයේ ෂැංහයි හිදී පැවැත්වෙන 05 වන චීන ජාත්‍යන්තර ආනයන අපනයන වෙළඳ ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සහභාගි විය.
එහි දී ජනාධිපතිවරයා පවසා ඇත්තේ චීනය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා චීන - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.
වෙළඳ ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පින් ප්‍රකාශ කර තිබුණේ චීනය සිය වෙළඳපොල තුළ අවස්ථා බෙදා ගැනීමට සියලු රටවල් සමඟ කටයුතු කරනු ඇති බවයි.
239 Views
Comments