යුවළ නිවසට ගෙන්වූ කුඩු ජාවාරමා කාමරයක සිරකර දසවධ දීලා - කාන්තාවට අතවර කරද්දී තවත් කතක් වීඩියෝ කරලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
30

යුවළ නිවසට ගෙන්වූ කුඩු ජාවාරමා කාමරයක සිරකර දසවධ දීලා - කාන්තාවට අතවර කරද්දී තවත් කතක් වීඩියෝ කරලා

යුවළ නිවසට ගෙන්වූ කුඩු ජාවාරමා කාමරයක සිරකර දසවධ දීලා - කාන්තාවට අතවර කරද්දී තවත් කතක් වීඩියෝ කරලා

කෑරගල ප්‍රදේශයේ යුවළක් තොටළඟට නුදුරුව පිහිටි මත්කුඩු ජාවාරම්කරුවකුගේ නිවසට ගෙන්වාගෙන කාමරයක සිරකර ඔවුන්ට දසවධ දීමේ පුවතක් පෙරේදා (28 ) කොළඹ බ්ලුමැන්ඩල් පොලිසියෙන් වාර්තා විය.

 

මෙම සිද්ධියෙන් මත්කුඩු ජාවාරම්කරු ඇතුළු දස දෙනකු පොලිස් භාරයට ගෙන ඇත. සැකකරුවන් අතර කාන්තාවන් දෙදෙනෙක් ද සිටින බව පොලිසිය කියයි.

 

කොළඹ මත්කුඩු ජාවාරම්කරුගේ ගනුදෙනුකරුවකු බව කියනු ලබන කෑරගල පදිංචි පුද්ගලයා මෙම මත්කුඩු ජාවාරම්කරු රුපියල් ලක්ෂ තුනකට වැඩි මුදලක් නොදී ගනුදෙනුව නතර කර ඇති බව පොලිසිය කියයි.

 

මත්කුඩු ජාවාරම්කරු ඊට උපායක් යොදවා තවත් මත්කුඩු ලබාදීමට පැමිණෙන ලෙස කෑරගල පදිංචි පුද්ගලයාට පවසා ඇත.

 

ඒ අනුව ඔහු සිය බිරිඳත් කැඳවාගෙන යතුරුපැදියකින් කොළඹ මත්කුඩු ජාවාරම්කරුගේ නිවසට ගොස් ඇත.

 

මත්කුඩු ජාවරම්කරු කලින් කළ සැලැස්ම අනුව මෙම යුවළ කාමරයක දමා මෙසේ එහි කොටු කරගෙන ඇත.

 

කෑරගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගේ බිරිඳ වෙනත් කාමරයකට රැගෙන ගොස් නිරුවත් කර සැකකරුවකු බලහත්කාරයෙන් ඇයට අතවර කර ඇති අතර මෙම සිද්ධිය වීඩියෝගත කර ඇති බව ද බ්ලුමැන්ඩල් පොලිසිය කියයි.

 

මෙම සිද්ධිය වීඩියෝ කර ඇත්තේ සැකකාරියක විසින් බව ද පොලිසිය සඳහන් කරයි.

 

මේ අතරතුරේදී කෑරගල ප්‍රදේශයේ පුද්ගලයාගේ නිවසට කතාකර ඔහුගේ මව අමතා සුරාබදු දෙපාර්තමේන්තුවෙන් කතා කරන බව ද පුතත් ලේලිත් මත්කුඩුවලට හසු වී සිටින බව ද ඔවුන් නිදහස් කිරීම සඳහා රුපියල් ලක්ෂ තුනක් බැංකුවේ තැන්පත් කරන ලෙස සැකකරුවකු තර්ජනයක් කර ඇත.

 

මේ පිළිබඳව සැක පහළ කළ ඇය මේ බව කෑරගල පොලිසියට පැමිණිලි කර ඇති බව බ්ලුමැන්ඩල් පොලිසිය කියයි.

 

මෙම තොරතුරු ඔස්සේ ක්‍රියාත්මක වූ බ්ලුමැන්ඩල් පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිස්සමල්දෙණිය මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායම කොළඹ තොටළඟට නුදුරු නිවස වටලා මෙසේ අමානුෂික ලෙස වද දීමට ලක් වී සිටි යුවළ සහ ඊට සම්බන්ධ වූ කාන්තාවන් දෙදෙනකු ද තවත් පුද්ගලයන් අටදෙනකු පොලිස් භාරයට ගෙන ඇත.

views

306 Views

Comments

arrow-up