පාර්ලිමේන්තු විවාද නැරඹීමට පාසල් සිසුන්ට නැවතත් අවස්ථාව
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
23

පාර්ලිමේන්තු විවාද නැරඹීමට පාසල් සිසුන්ට නැවතත් අවස්ථාව

පාර්ලිමේන්තු විවාද නැරඹීමට පාසල් සිසුන්ට නැවතත් අවස්ථාව

පාර්ලිමේන්තු විවාද නැරඹීම සඳහා පාසල් සිසුන්ට යළි අවස්ථාව ලබාදි තිබේ.

 

රැස්වීම් පැවැත්වෙන දිනවලදී පාර්ලිමේන්තුව නැරඹීමට සහ විවාද නැරඹීමට පාසල් දරුවන්ට අවස්ථාව ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය  හිමිව ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ඉදිරිපත් කරන ලද යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව ඇති බව සඳහන් වේ.

 

ඒ අනුව, පාර්ලිමේන්තු සභාගර්භයේ ඇති මහජන ගැලරියේ සිට පාර්ලිමේන්තු විවාද සජීවීව නැරඹීමට පාසල් දරුවන් අවස්ථාව හිමි වේ.

 

කොවිඩ් තත්ත්වය සහ ආරක්ෂක හේතුන් මත පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පනවා තිබූ සීමාවන් පසුගිය සැප්තැම්බර් 20 දින සිට ලිහිල් කළද පාර්ලිමේන්තු රැස්වීම් දිනවලදී ඒ සඳහා අවස්ථාව හිමි නොවීය.
 

views

271 Views

Comments

arrow-up