OCT
23
සහල් පරිභෝජනය පහලට

පවතින ගැටලු හමුවේ මෙරට සහල් පරිභෝජනයද අඩු වී ඇතැයි ගොවි සංගම් පවසනවා.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ දෛනික පරිභෝජනය සදහා අවශ්‍ය වූ සහල් ප්‍රමාණය කිලෝ ලක්ෂ 60 සිට ලක්ෂ 50ත් 40ත් දක්වා අඩු වී ඇති බවයි.
මඩ පොහොර නොමැති වීමෙන් ගොවීන්ට මහ කන්නයේ වගා කිරීම් ආරම්භ කිරීමටද නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න වැඩිදුරටත් සදහන් කළේ.
235 Views
Comments