ඩෙංගු වසංගත අවදානමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
05

ඩෙංගු වසංගත අවදානමක්

ඩෙංගු වසංගත අවදානමක්

දිවයින පුරා සිදුකළ කීට විද්‍යා සමීක්ෂණ අනුව මදුරු ඝනත්වය වැඩිවීම හේතුවෙන් ඩෙංගු වසංගත අවදානමක් හට ගෙන ඇති බව කීට විද්‍යා සංගමය අනාවරණය කර තිබේ.

 

මේ අතර ශ්‍රී ලංකා පොලීසියේ මැදිහත් වීමෙන් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ඊයේ (05) කොළඹදී ආරම්භ විය.

 

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා යුද හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හා කොළඹ මහ නගර සභාව එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

 

පොලිස් මූලස්ථානය සඳහන් කළේ ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීම, අත් පත්‍රිකා බෙදා හැරීම, ඩ්‍රෝන යානා උපයෝගී කරගනිමින් පරික්ෂා කිරීම හා ධූමායනය සිදු කිරීම මෙහිදී සිදුවන බවයි.

 

views

284 Views

Comments

arrow-up