බැසිල් රනිල්ගෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවේ ඇමතිකම් ගොඩක් ඉල්ලලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
20

බැසිල් රනිල්ගෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවේ ඇමතිකම් ගොඩක් ඉල්ලලා

බැසිල් රනිල්ගෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවේ ඇමතිකම් ගොඩක් ඉල්ලලා

පිහිටුවීමට යෝජිත සර්ව පාක්ෂික හෝ ජාතික ආණ්ඩුවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වැඩි ඇමැතිධුර සංඛ්‍යාවක් ඉල්ලා සිටීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

 

සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් අතර පවත්වා ඇත.


එහිදී කැබිනට් ඇමැතිධුර සහ රාජ්‍ය ඇමැතිධුර වැඩි වශයෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී ජනාධිපතිවරයාගේ පාර්ශ්වය පෙන්වාදී තිබෙන්නේ ඇතැම් මන්ත්‍රිවරුන්ට ඇමැතිධුර ලබා දීමේ යෝජනාවට දේශපාලන පක්ෂ කිහිපයක් විරෝධය පා ඇති බවයි.

 

ඇමැතිධුර ලබා දිය යුතු මන්ත්‍රිවරු දහසයකගේ නාම ලේඛනයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති අතර එම ලේඛනයේ නම් සඳහන් නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන හා මහින්දානන්ද අලු‍ත්ගමගේ යන මන්ත්‍රිවරුන්ට ඇමැතිධුර ලබා නොදෙන ලෙස විපක්ෂයෙන් එක් වීමට නියමිත මන්ත්‍රිවරු ජනාධිපතිවරයාට දැනුම්දී තිබේ.


කෙසේ වුවත් ඇමැතිධුර ලබා ගැනීමට පක්ෂයක් ලෙස සාකච්ඡා කළ යුතු බවත්, තනි තනිව ජනාධිපතිවරයා සමග සාකච්ඡා නොකරන ලෙසත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මන්ත්‍රිවරුන්ට දැනුම් දී තිබේ. 

 

හිටපු රාජ්‍ය ඇමැතිවරුන්ද තමන්ට රාජ්‍ය ඇමැති ධුර කඩිනමින් ලබාදෙන ලෙස බැසිල් රාජපක්ෂගෙන් ඉල්ලා තිබේ. 

 

ආණ්ඩුවක් පිහිටුවීම සඳහා දේශපාලන පක්ෂ සමග ඉදිරි දෙසතිය තුළ ද සාකච්ඡා කළ යුතු බව ජනාධිපතිවරයාගේ අදහස වී තිබේ.

views

250 Views

Comments

arrow-up