පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සේවය කල කොස්තාපල් ලක්‍ෂ අටක හෙරොයින් සමඟ මාට්ටු

වසර කිහිපයකට ඉහතදී පුත්තලම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ(නාකොටික්) සේවය කළ වර්තමානයේ නොරොච්චෝල පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටි කොස්තාපල්වරයෙකු රුපියල් ලක්ෂ අටක හෙරොයින් ග්‍රෑම් 54ක් සමඟ කල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් විසින් පුත්තලම රෝහලේ රථගාල තුළදී පසුගිය 22 වනදා සවස අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ නොරෝච්චෝලේ පොලිස්ථානයේ ආපන ශාලාව භාරව සිටි පොලිස් කොස්තාපල්වරයෙකි.
ඔහු ආණමඩුව මහඋස්වැව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි.
මොහු සම්බන්ධව ලැබී තිබු පැමිණිලි මත කල්පිටිය පොලිස්ථානාධිපතිවරයා ඇතුළු කල්පිටිය පොලිස් විශේෂ කාර්යාංශ නිලධාරින් විසින් පුත්තලම මූලික රෝහලේ රථ ගාල තුළදී සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමට කටයුතු කර තිබුණු අතර එහිදී ඇඳ සිටි කලිසමේ සූක්ෂම ලෙස සඟවා තිබූ හෙරෝයින් සොයාගැනීමට හැකි වී තිබේ.
දිගින් දිගටම මෙම පොලිස් කොස්තාපල්වරයාට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පොලිස් බුද්ධි අංශ දිර්ඝ විමර්ශනය කරමින් සිටින අතරතුර කල්පිටිය පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයා හා පොලිස් විශේෂ කාර්යාංශ නිලධාරීන් එක්ව පොලිස් කොස්තාපල්වරයා හෙරෝයින් සමඟ අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
අත්අඩංගුවටගත් පොලිස් කොස්තාපල්වරයා පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
790 Views
Comments